Tuesday, February 2, 2016

Information Systems



 
අද පාඩම තමා තොරතුරු පද්ධති. මොකද්ද මචන්ලා පද්ධතියක් කියන්නේ 


මන් දැන් එකේ පන්තියේ ඉගෙනගත්තු දත්ත හා තොරතුරු මතක් කරලා ඉන්නම්
දත්තයක් කියන්නේ මචන් කිසියම් සිද්ධියක් ඉදිරපත් කරන අසංවිධාන,අපැහැදිලි කරනු සමුහයට කියන තනිවචනය නේ ,තොරතුරක් කියන්නේ මිනිස්සුන්ට පැහැදිලිව තේරුම් ගත හැකි තීරණ ගැනීම උදෙසා මෙහෙවීමට ගත හැකි සංවිධානගත වූ කරනු සමූහයක්.



“පද්ධතියක් කියන්නේ කිසියම් අරමුණක් ඉටු කර ගැනීම සදහා සහයෝගයෙන් ක්‍රියාකරන අන්‍යෝන්‍ය වශයෙන් බැදී ඇති සංරචක වලට” කියන තනි නම. මේ පද්ධති(System) කියන ඉංග්‍රීසි වචනය ග්‍රීක භාෂාවෙන් කැඩී ආ එකක් ලු, ඒකෙ තියෙන්නේ Systema කියලා Systema කියන එක අර්ථ දක්වන්නේ “සංරචක වල ක්‍රියාකාරීත්වය සබදතා තුළින් සංවිධානය කිරීම” (Organized Relationship among functioning Units or Components-Wiki)



හරි මේ තොරතුරු පද්ධති කියන්නේ පද්ධති විශේෂයක් , ඉතින් මචන් මේ පද්ධති වර්ගය විශේෂයි. මොකද නමින් ම තේරෙනවා තොරතුරු සම්බන්ධ බව ඉතින් මේ පද්ධති විශේෂය මානව සමාජය තුල බහුල වශයෙන් පවතිනවා. බැංකුවකට ගියත්, රෝහලකට ගියත්, කඩයකට ගියත් ඇයි එහෙම කියන්නේ මචන් අපි මේ පද්ධති වර්ගය තුලින් කරන ප්‍රධානතම අරමුණ වන්නේ දත්ත එකතු කරලා(Collect),පෙරලා(Filter),ක්‍රියවලිකට(Process) බදුන් කරලා බෙදාහැරීම(Distribute) නේ. 


හරි හරි හෑලි නැතුව මචන් මේක මේක පැහැදිලි කරගන්න අමාරුයි. ඉතින් මචන් මේ තොරතුරු පද්ධතියක් කියන්නේ ඕනෑම ආයතනයක තොරතුරු එකතු කිරීම, ගබඩා කිරීම,සංවිධානය කිරීම හා සන්නිවේදනය කිරීම කියන පද්දතියට. ඉතින් මේක මැනුවල් හෝ පරිගණක ගතව වෙන්න පුළුවන්.
ඉතින් මේක මානව සම්පත්(Human Resource),ක්‍රියාවලිය(Process) හා ක්‍රියා පටිපාටිය(Procedure) අතර අනතර් ක්‍රියාකාරීත්වයක් දක්වනවා.

 ඒ කියන්නේ මචන් බැංකුවකට අපි ගිහාම මුදල් ගන්නවා කියලා හිතමු; ඉතින් එකේ ඉන්න බැංකුකරු නම් මානව සම්පත විසින්  අපගේ ගිණුමේ තොරතුරු ලබාගැනීම නම් ක්‍රියාවලිය හරහා මුදල් ලබා දීමේ ක්‍රියා පටිපාටියට අනුව මුදල් අපට ලබා දීම  සිදු කරනවා.

හරි ඔය සීන් එක ඔහොම වෙද්දී මචන් මේ පද්ධති වර්ගය කොටස් 2ට බෙදන්න පුළුවන්; ඒ තමා පරිගණක පාදක තොරතුරු පද්ධති හා පරිගණක පාදක නොවන තොරතුරු පද්ධති වශයෙන්.


හරි මචන්  අපි දැන් බලමු පරිගණක පාදක තොරතුරු පද්දතියක් කියන්නේ මොකද්ද කියලා

මිනිසුන් හා පරිගණක මගින් පද්දතියේ ක්‍රියාවලිය හෝ තොරතුරු මෙහෙය වීම ඒකාබද්ධ ව කිරීමයි.


Silver et al 1995 දී මචන් two views of IS කියලා එකක් හොයාගෙන තියෙනවා.එකේ අඩංගු වෙලා තියෙනවා දෘඩාංග,මෘදුකාංග,දත්ත,මිනිස්සු හා ආකාරය කියන දේ. ඒ වගේම zheng කියලා හාදයෙක් තවත් එකක් හොයාගෙන තියෙනවා එකේ අඩංගු වෙලා තියෙනවා environment,boundary,purpose,interaction වැදගත් කියන සෙට් එක.

 තොරතුරු පද්ධති වර්ග රාශියක් හදුනා ගන්න පුළුවන්


පැරණි ම තොරතුරු පද්ධතිය අපිට හමු වෙන්නේ 1980 දී  පොතකින් , ඒ කියන්නේ මචන් සංවිධානයක  ධුරාවලිය පිරමිඩයක් ආකාරයට දක්වල තියෙනවා පහල සිට ඉහලට Transaction processing System -> Management System-> Decision Support System ->Executive  Information System. මේ පැරණි මොඩලයෙන් තොරතුරු පද්ධති බෙදා වෙන් කිරීම හා දියුණු කිරීමට උපකාරී වෙලා තියෙනවලු.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/dd/Four-Level-Pyramid-model.png/375px-Four-Level-Pyramid-model.png



ඉතින් පරිගණක පාදක තොරතුරු පද්ධතියක විශේෂයෙන් ම අඩංගු කරුණු තියෙනවා.

Harware
Software
Database අදාළ දත්ත වල වගු හෝ ෆයිල් ගබඩා කිරීම
Networks
Procedure ඉහත සම්පත් තුලින් තොරතුරු ක්‍රියාවලියට බදුන් කර output කිරීම 


හරි යම් තාක් දුරකට IS ගැන අවබෝධයක් ලැබුවා කියලා මම තුමා හිතනවා


No comments:

Post a Comment